Breaking News




 Video එක බලල Short note එක බලන්න👇👇👇

https://youtu.be/gVjZS2Ua6HA



 Short note එක බලන්න👇👇👇


Sellaginella life cycle - Plant reproduction - සෙලජිනෙල්ලා ජීවන චක්‍රය


•      භෞමිකව වාසී ශාකයකි

සම්පූර්ණයෙන්ම භෞමික ජීවිතයට හැඩ ගැසී නැත

තෙතමනය සහිත පරිසරයක  වර්ධනය වේ

ප්‍රමුඛ ශාකය බීජාණු ශාකයයි

කද  මුල් පත්‍ර වලට ඛෙදී ඇත

බීජානු ශාකය ශෛලම ප්ලෝයම දරයි

ශෛලම වාහිනී හෝ සහචර ෙසෙල නැත   

එනම් සනාල ශාක වේ

උපස්තරයට සමාන්තරව පිහිටන තිරස් කඳක් ඇත

කද පෘෂ්ඨෝදරීය පැතලියි

දෙබදුම් ලෙස  ශාකනය වේ

ශාකනය වන ස්ථාන වලින් හටගන්නා  මුලධර  ශාඛනය මඟින් මුල් ඇති වේ

මුල් උපස්තරයට සවි වීම සඳහා උපකාරී වේ

බීජාණු ශාකය  විෂම  පත්‍රියතාවය පෙන්නුම් කරයි

ලෛකොෆයිටා වංශයට අයත් වේ  

ජායා ජන්මාණු  ශාකයට ප්‍රභාසංශ්ලේෂක හැකියාව තිබුණද සංචිත ආහාර මත අර්ධව යැපේ.

පුං ජන්මාණු ශාකය අනුනන විභාජනය මඟින් කෂිකාධර ශුක්‍රාණුත් ජායා ජන්මාණු ශාකයේ අනුුනන විභාජනය මගින් තනි ඩිම්බ ෙසෙලයකුත් නිපදවයි

ශුක්‍රාණු කෂිකා ආධාරයෙන් ජලය ඔස්සේ පිහිනා ගොස් ජායා ජන්මාණු ශාකයේ අන්ඩානුධානි තුළ ඇති ඩිම්බ සෛලය සමඟ සංසේචනයෙන් ද්විගුණ යුක්තාණුවක් සාදයි

යුක්තානුව කලලයක් බවටත් කලලය ලපටි බීජාණු ශාකය බවටත්  විකසනය වේ


මේ නිසා selaginella විෂම රූපී පරම්පරා ප්‍රත්‍යාවර්තනය පෙන්නුම් කරයි

කද කෙළවරින් ක්ෂුද්‍ර බීජාණු පත්‍ර සහ මහා බීජාණු පත්‍ර ලෙස විශේෂිත   බීජානු  පත්‍ර වර්ග දෙකක් ඇත

මෙම බීජාණු පත්‍ර සං සංවිධානය වීමේ සංකේතුව නමැති ව්‍යුහය ඇතිවේ

සංකේතුවේ ඉහළ සුත්‍ර බීජාණු පත්‍ර පහළ මහා බීජාණු පත්‍රත් පිහිටයි

මහා බීජාණු පත්‍රයේ තනි මහා බීජාණුදානියකුත් ක්ෂුද්‍ර බීජාණු පත්‍රයේ තනි ක්ෂුද්‍ර බීජාණු දානියකුත්        ඇතිවෙයි

මහා බීජාණු දානිය තුළ ඇති ද්වීගුණ මහා බීජාණු මාතෘ ෙසෙලය ඌනන විභාජනය මගින් බිඳීමෙන් ප්‍රමාණයෙන් විශාල මහා බීජාණු 4ක්ද ක්ෂුද්‍ර බීජාණු දානය තුළ ඇති මා ක්ෂුද්‍ර බීජාණු මාතෘ සෛල ඌනන විභාජනය මගින් බිඳීමෙන් ඒකගුණ ක්ෂුද්‍ර බීජාණු රාශියක්ද නිපදවයි

මේ නිසා selaginella විෂම බීජාණුකතාවය පෙන්වයි

මහා බීජාණු ප්‍රරෝහණයෙන් ජායා ජන්මාණු ශාකයත් ක්ෂුද්‍ර බීජාණු ප්‍රරෝහනයෙන් පුං  ජන්මාණු ශාකයත් ඇති වෙයි

මේ නිසා සෙලජිනෙල්ලා ජන්මානු ශාකය  ඒකලිංගිකයි

මේ ජන්මාණු ශාක පරිසරයට නිදහස් වේ  

පුං ජන්මානු ශාකය ප්‍රභාසංස්ලේෂක නොවේ  සංචිත ආහාර මත යැපේ

Sellaginella life cycle - Plant reproduction - සෙලජිනෙල්ලා ජීවන චක්‍රය - ශාක ප්‍රජනනය Facebook - https://www.facebook.com/Allinonetarget Subscribe me - https://www.youtube.com/channel/UCvO6t_ala8hishcP4LzeWww twitter - https://twitter.com/AllInOne0505 Telegram - https://t.me/allinonelkt උසස් පෙළ ජීව විද්‍යාව හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන්

#AllInOneLK#PlantReproduction#Selaginella

Plant reproduction,Plant life cycle in sinhala biology,biology sinhala,al biology lessons,all in one lk,a/l biology,a/l biology lessons in sinhala,biology sinhala lessons a/l,al biology sinhala lessons,biology sinhala lessons,sinhala biology,advanced level biology sinhala,biology lessons in sinhala,biology revision sinhala,biology lessons sinhala,Sinhala biology class, biology sinhala readings




Post a Comment

Previous Post Next Post