https://youtu.be/RE_0QADJzGQ
• බීජානු ශාකය ප්‍රමුඛයි
• දේහය කද පත්‍ර මුල්වලට විභේදනය වී ඇත
• බීජානු ශාකය ද්වීගෘහි
• ළපටි පත්‍ර වියළීමෙන් ආරක්ෂා වෙන්න කුන්ඩලාකාර ප්‍රාක් පත්‍රණය පෙන්වනවා
• ජායා බීජානු ශාකයේ ඉහළ කෙළවරේ ජායා බීජානු පත්‍ර කිරුළක් ලෙස සකස් වීමෙන් ඇතිවන ජායා කේතුව පිහිටනවා
• පුං බීජානු ශාකයේ ඉහළ කෙළවරේ ක්ෂුද්‍ර බීජානු පත්‍ර වලින් සැකසුනු පුං කේතුව පිහිටනවා
• ජන්මානු ශාකය ක්ෂීණයි
• මහා බීජානු පත්‍රවල පාර්ශවික දාරයේ මහාබීජානුධානි හටගන්නවා
• මහාබීජානුධානි ඩිම්භාවරණ වලින් වටවීමෙන් ඩිම්බය බවට පත් වෙනවා
• ඩිම්බයේ විදුර කෙලවරේ අනුද්වාරය තියනවා
• අනුද්වාරයට පහළින් පරාග කුටීරයත් අන්ඩානුධානි කුටීරයත් තියනවා
• පරිණත වුණු හහා බීජානු පටකයේ තියන තනි ෙසෙලයක් විභේදනය වීමෙන් තනි මහාබීජානු මාතෘ සෛලය බවට පත්වෙනවා
• මේ මහා බීජානු මාතෘ ෙසෙලය ඌනන විභාජනයට ලක්වීමෙන් ඒකගුණ මහා බීජානු 4ක් ඇති වෙනවා
• මේ 4 න් 3ක් විනාශ වෙලා 1 ක් ඉතිරි වෙනවා
• මේ මහාබීජානුව ජායා ජන්මානු ශාකය තුළ තිබියදී ම ජායා ජන්මානු ශාකය බවට විකසනය වෙනවා
• මහා බීජානු පටකයේ ඉතිරි කොටස් කුක්ෂිය බවට පත්වෙනවා
• කුක්ෂිය ජායා ජන්මානු ශාකයට පෝෂණය සපයනවා
• ජායා ජන්මානු ශාකය පරිණත වුණාම අන්ඩානුධානි රාශියක් නිපදවනවා
• මේ අන්ඩානුධානි තුළ ඩිම්බය බැගින් නිපදවනවා
• පුං කේතුවේ ක්ෂුද්‍රබීජානු පත්‍රවල යටි පැත්තේ ක්ෂුද්‍රබීජාන්ධානි පිහිටනවා
• ක්ෂුද්‍රබීජාන්ධානි තුළ ක්ෂුද්‍රබීජානු මාතෘ සෛලවල ඌනන විභාජනයෙන් ක්ෂුද්‍රබීජානු රාහියක් නිපදවනවා
• ක්ෂුද්‍ර බීජානු බීජානුධානිය තුළ තිබියදීම පරාග කණිකා වලට විකසනය වෙලා නිදහස් වෙනවා
• මේ පරාග කණිකා පරිණත ඩිම්භයක අනුද්වාරය මත තැන්පත් වෙනවා
• මේ ක්‍රියාව පරාගණය ලෙස හදුන්වනවා
• මේ පරාග පරාග කුටීරයට ඇතුල් වෙලා පුං ජන්මානු ශාකය බවට විකසනය වෙනවා
• පුං ජන්මානු ශාකයේ තියන ශාකනය වුණු පරාග නාලය මගින් කුක්ෂියෙන් පෝෂක ලබාගන්නවා
• පුං ජන්මානු ශාකය පරිණත වුනාට පස්සෙ විශාල පක්ෂ්මධර ශුක්‍රානු 2 ක් නිපදවනවා
• පරාග නාලයේ කෙළවර පුපුරල ශුක්‍රානු අන්ඩානුධානි කුටීරයට වැටෙනවා
• ශුක්‍රානු ජලය හරහා පිහිනල ගිහින් අන්ඩානුධානි තුළ තියන අන්ඩයක් සමග ෂංසේචනය වෙලා ද්විගුණ යුක්තානුක් හදනවා
• යුක්තානුව කලලයක් බවට පත් වෙනවා
• ඉතිරි වන ජායා ජන්මානු ශාකය භ්‍රෑණපෝෂය බවට පත් වෙනවා
• මේ මගින් විකසනය වන කලලයට පෝෂණය සපයනවා
• ඩිම්බාවරන බීජාවරන බවටත් ඩිම්බය බීජය බවටත් පත්වෙනවා
• බීජය තුළ කලලය හා සංචිත ආහාර අඩංගු වෙනවා
• බීජය මෙම සයිකස් ශාකයේ ව්‍යාප්ති ඒකකය
• බීජ පරිණත වුණාම ව්‍යාප්ත වෙලා ප්‍රරෝහනය වෙලා බීජානු ශාක ඇති කරනවා
• මෙය පරම්පරා පත්‍ර්‍යාවර්තනය ලෙස හදුන්වනවා
Cycas Life Cycle - Plant reproduction - සයිකස් ජීවන චක්‍රය - ශාක ප්‍රජනනය Facebook - https://www.facebook.com/Allinonetarget Subscribe me - https://www.youtube.com/channel/UCvO6t_ala8hishcP4LzeWww twitter - https://twitter.com/AllInOne0505 Telegram - https://t.me/allinonelkt උසස් පෙළ ජීව විද්‍යාව හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන්
#AllInOneLK#PlantReproduction#Cycas
cycas life cycle in sinhala biology,Plant reproduction,Plant life cycle in sinhala biology,biology sinhala,al biology lessons,all in one lk,a/l biology,a/l biology lessons in sinhala,biology sinhala lessons a/l,al biology sinhala lessons,biology sinhala lessons,sinhala biology,advanced level biology sinhala,biology lessons in sinhala,biology revision sinhala,biology lessons sinhala,Sinhala biology class, biology sinhala readings
Post a Comment