Video එක බලල Short note එක බලන්න👇👇👇
රුධිර පටකය
රුධිරය කියලා කියන්නේ PH අගය 7.4 ක් විතර වෙන තරල මේ සම්බන්ධක පටකයක්. රුධිරය දේහය පුරා තියෙන පටක අතර සම්බන්ධතාවය පවත්වා ගනිමින් දේහය පුරාම නොනවත්වා සංසරණය වෙනවා. රුධිරය මගින් ඔක්සිජන් තාපය පෝෂක හෝමෝන ආදිය දේහය පුරා බෙදා හරිනවා. අපි දන්නවා සම්බන්ධක පටකයකට තියෙන්නේ මධ්‍ය චර්මීය සම්භවයක්. රුධිරයටත් එහෙමයි. ඒ වගේම විශාල පූරකයක් වන රුධිර ප්ලාස්මයත් එහි ගිලුණු රතු රුධිරානු සුදු රුධිණු සුදු රුධිරාණු ආදී විවිධ සෛල දර්ශත්, ඒ වගේම ෆයිබ්‍රිනෝජන් වගේ තන්තු වර්ගත් රුධිරයේ දක්නට ලැබෙනවා මං කලින් කිව්ව වගේ පටක අතර සම්බන්ධතාව පවත්වා ගැනීම මගින් සෛල පටක සහ අවයව අතර කායික විද්‍යාත්මක සම්බන්ධතා පවත්වා ගන්න රුධිරය දායක වෙනවා. මෙන්න මේ හේතු නිසා රුධිරය සම්බන්ධක පටකයක් විදියට සැලකෙනවා.
නමුත් රුධිරය ඇත්තටම සත්‍ය සම්බන්ධක පටකයක් ලෙස සැලකෙන්නේ නැහැ. මේකට හේතු කිහිපයක් තියෙනවා. රුධිරයට පූරකයක් තිබුනට ඒක ද්‍රව පූරකයක්. කාටිලේජ අරියල පටක වගේ ඝන හෝ අර්ධ ඝන පූරකයක් නෙවෙයි රුධිරයට තියෙන්නෙ. ඒ වගේම සාමාන්‍ය අවස්ථාවේදී රුධිරය තුළ සත්‍යය තන්තු දක්නට ලැබෙන්නේ නැහැ. රුධිරයේ තියෙන පයිබ්‍රිනොජන් පයිබ්‍රින් තන්තු බවට පත්වෙන්නේ රුධිර කැටි ගැසෙන අවස්ථාවෙදි විතරයි සම්බන්ධක පටකයක පුරකය ශ්‍රාවය වෙන්නේ පුරකයේ තියෙන සෛල මගින් මයි. නමුත් රුධිරයේ නැහැ. මේ හේතු නිසා රුධිරය සත්‍ය සම්බන්ධක පටකයක් විදිහට සලකන්නේ නැහැ.
රුධිරය ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වෙනවා. ඒ තමයි රුධිර ප්ලාස්මය සහ රුධිර සෛල. ප්ලාස්මය සාමාන්‍යයෙන් රුධිරයේ පරිමාවෙන් සියයට 55% ක් විතර වෙනවා. ඉතිරි 45% සෛල . රුධිර සෛල සහ ප්ලාස්මාව කේන්ද්‍ර අපසරනය මඟින් එකිනෙකට වෙන් කර ගැනීමේ හැකියාව තියෙනවා.
රුධිර ප්ලාස්මය
රුධිර ප්ලාස්මයෙන් සියයට 90-92 විතර වගේ අඩංගු වෙන්නේ ජලය. ඉතිරි කොටස් ප්ලාස්මයේ දියවුණු සහ ගිලුණු දේවල්. අකාබනික අයන, ඇල්බියුමින්, ප්‍රතිදේහ ෆයිබ්‍රිනෝජන් වගේ ප්ලාස්ම ප්‍රෝටීන පෝෂක, පරිවෘත්තිය අපද්‍රව්‍ය, හෝමෝන ස්වසන වායු ආදිය මේ විදියට ප්ලාස්මයේ අඩංගු දේවල් වලට උදාහරණ.
ප්ලාස්ම ප්‍රෝටීන
රුධිර ප්ලාස්මා වෙන් සියයට හතක් විතර වගේ ප්ලාස්ම ප්‍රෝටීන. ප්ලාස්ම ප්‍රෝටීනවලට සාමාන්‍යයෙන් රුධිරයෙන් පිටතට කාන්දු වෙන්න බැහැ. ඒකට හේතුව තමයි ප්ලාස්ම ප්‍රෝටීන ප්‍රමාණයෙන් විශාල වීම. ප්ලාස්මාවේ ප්‍රෝටීන සාන්ද්‍රනය අන්තරාල තරලය ට වඩා වැඩියි. ප්ලාස්මාවේ ප්‍රධාන ප්ලාස්ම ප්‍රෝටීන වර්ග තුනක් තියෙනවා. ඒව තමයි ඇල්බියුමින් ග්ලොබියුලින් සහ රුධිරය කැටිගැසීමේ සාධක වන පයිබ්‍රිනොජන්. වැඩිපුරම තියෙන ප්‍රෝටීන් එක තමයි ඇල්බියුමින්. ඇල්බියුමින් වල ප්‍රධාන කෘතය වෙන්නේ රුධිරයේ ආසෘති පීඩනය පවත්වා ගැනීමත් ඊට අමතරව රුධිර ස්වාරක්ෂණය කිරීමත්. ග්ලොබියුලින් වසා සෛල මගින් නිපදවන සංකීර්ණ ප්‍රෝටීනයක්. ප්‍රතිශක්තිය මගින් සිරුරට ආරක්ෂාව සපයන්නේ ග්ලොබියුලින් ප්‍රෝටීන මගින්. ඊට අමතරව සමහර හෝමෝන සහ ඛනිජ ලවණ පරිවහනයට ග්ලොබියුලින් ප්‍රෝටීන වැදගත් වෙනවා. පයිබ්‍රිනොජන් රුධිරය කැටි ගැසීමට දායක වෙනවා ප්ලාස්මාවෙන් කැටිකාරක ඉවත් කළාට පස්සේ ලැබෙන ද්‍රවය අපි හඳුන්වනවා මස්තු කියලා.
අකාබනික අයන
රුධිරයේ කැල්සියම් සෝඩියම් පොස්පේට් වැනි අයන අඩංගු වෙනවා. මේ අයන ස්වාරක්ෂක කෘත්‍යයක් ඉටු කරනවා. ඒ වගේම රුධිරය ආශ්‍රිතව තුල්‍යතාව පවත්වා ගන්නත් මේ අකාබනික අයන වැදගත් වෙනවා.
පෝෂක
ආහාර මාර්ග පද්ධතියන් අවශෝෂණය කරගන්න ග්ලූකෝස්, ඇමයිනෝ අම්ල, මේද අම්ල විටමින් රුධිර ප්ලාස්මය තියෙනවා. මේ පෝෂක ශක්තිය නිපදවීම සඳහා දේ සෛල මඟින් භාවිතා කරනවා. දේහ සෛලවලට මේ පෝෂක පරිවහනය කරන්නේ රුධිරය හරහා.
පරිවෘත්තීය අපද්‍රව්‍ය
අක්මාවේ නිපදවෙන යූරියා යූරික් අම්ලය සහ ක්‍රියටිනයින් වගේ පරිවෘත්තීය අපද්‍රව්‍ය අක්මාවේ ඉඳලා වෘක්ක දක්වා පරිවහනය කරන්නේ රුධිරය හරහා. වෘක්ක වලින් මේ අපද්‍රව්‍ය බහිශ්‍රාවය කිරීම් සිදු කරනවා.
හෝමෝන
හෝමෝන කියලා කියන්නේ අන්තරාසර්ග ග්‍රන්ථි මගින් නිපදවන රසායනික පණිවුඩකාරක වර්ගයක්. මේ හෝමෝන අන්තරාසර්ග ග්‍රන්ථි මගින් සෘජුවම රුධිරයට ශ්‍රාවය කරනවා. රුධිරය මගින් ඉලක්ක අවයව වලට පරිවහනය කරනවා.
ශ්වසන වායු
ඔක්සිජන් කාබන් ජයක්ඩයොක්සයිට් සහ නයිට්‍රජන් රුධිර ප්ලාස්මයේ දියවෙලා පරිවහනය කරනවා. ඊට අමතරව ඔක්සිජන් සහ කාබන්ඩයොක්සයිඩ් හිමොග්ලොබින් සමග සම්බන්ධවෙලා වෙලා පරිවහනය කරනවා. කාබන්ඩයොක්සයිඩ් බයිකාබනේට් අයන විදියටත් පරිවහනය කරනවා. රුධිරය හරහා පරිවහනය වන නයිට්‍රජන් කායික විද්‍යාත්මක කෘත්‍යයක් මිනිස් සිරුර තුළ සිදුකරන්නේ නැහැ.
ඔක්සිජන් පරිවහනය
ඔක්සිජන් ප්‍රධාන වශයෙන් පරිවහනය වෙන්නේ රතු රුධිරාණු තුළ තියන හිමොග්ලොබින් එක්ක සම්බන්ධ වෙලා ඔක්සිහිමොග්ලොබින් විදිහට. හිමොග්ලොබින් අණුවක උප ඒකක හතරක් තියෙනවා. හැම ඒකකයක ම ග්ලෝබීන් ප්‍රෝටීනයක් සහ හීම් කාණ්ඩයක් තියනවා. රුධිරයේ ආවේණික රතු පැහැයට හේතු වෙන්නේ මේ හීම් කාණ්ඩය. හැම හීම් කාණ්ඩයකම පෙරඉ අයනයක් තියෙනවා. මේ හීම් කාණ්ඩයට එක් ඔක්සිජන් අනුව බැගින් බැඳීමෙන් හිමොග්ලොබින් අනුවකට ඔක්සිජන් අණු හතරක් රැගෙන යන්න පුළුවන්. ඔක්සිජන් වලට අමතරව හිමොග්ලොබින් කාබන්ඩයොක්සයිඩ් සහ කාබන් මොනොක්සයිඩ් සමගත් සම්බන්ධ වීමට බන්ධුතාවයක් දක්වනවා. නමුත් කාබන්මොනොක්සයිඩ් සමග බැඳෙන්නේ ප්‍රතිවර්ත ලෙස. මේ නිසා කාබන්මොනොක්සයිඩ් මගින් පරිවහනයට හිමොග්ලොබින් අණු සංඛ්‍යාව අඩු කරනවා.
ශ්වසන වර්ණක
හිමොග්ලොබින් කරන්නේ පෙනහැලි තුළදී ඔක්සිජන් සමග සම්බන්ධ වෙලා පටකවල දී ඔක්සිජන් නිදහස් කිරීම. ඒ මගින් පටක කරා ඔක්සිජන් පරිවහනය වීම සිද්ධ වෙනවා. මං කලින් කිව්වා මතක ඇති ජලයේ දියවීම මගිනුත් ඔක්සිජන් පරිවහනය වීම සිද්ධ වෙනවා. නමුත් ඉතාම සුළු ප්‍රමාණයක් ජලය දිය වෙන්නේ. මේ නිසා සතුන්ගේ දේහ සංකීර්ණ වීමත් එක්කම ස්වසන පෘෂ්ඨවල ඉඳලා පටක අවයව වලට ඔක්සිජන් පරිවහනය කාර්යක්ෂමව සිද්ධ කරන්න තමයි ශ්වසන වර්ණක ඇතිවෙලා තියෙන්නේ.
සත්ව රාජධානියේ මේ විදියට ඇතිවුන ශ්වසන වර්ණක කිහිපයක් තියෙනවා. හිමොග්ලොබක්ලොබින් මිනිසා සහ අනෙකුත් පෘෂ්ඨවංශීන්ගේ දක්නට ලැබෙනවා. ආත්‍රොප්‍රෝඩාවන්ගේ සහ මොලුස්කාවන්ගේ රුධිරය සහ වසා වල තියෙන්නෙ හිමොසයනින් කියන ශ්වසන වර්ණකය. සාගර අපෘෂ්ඨවංශීන්ගේ සහ සමහර ඇනෙලිඩාවන්ගේ හිමොඑරිත්‍රින් ශ්වසන වර්ණකය තියෙනවා. ඊට අමතරව පෘෂ්ඨවංශික පේශීවල මයොග්ලොබින් ශ්වසනවර්ණය දක්නට ලැබෙනවා
කාබන්ඩයොක්සයිඩ් පරිවහනය
රුධිරය තුළ කාබන්ඩයොක්සයිඩ් පරිවහනය වන ක්‍රම තුනක් තියෙනවා. රුධිර ප්‍ලාස්මයේ දියවීම මගින් කාබන්ඩයොක්සයිඩ් වලින් 7% විතර ප්‍රමාණයක් රුධිරය තුළ පරිවහනය වෙනවා.
23%විතර ප්‍රතිශතයක් කාබන්ඩයොක්සයිඩ් හිමොග්ලොබින්වල ප්‍රෝටීන් කාණ්ඩය සමග සමග සම්බන්ධවෙලා කාබැමයිනොහිමොග්ලොබින් ඇතිවීම මගින් පටකවලින් පෙනහැලි කරා පරිවහනය වෙනවා. කාබන්ඩයොක්සයිඩ් හීම් කාණ්ඩය සමඟ බැඳීමක් සිද්ධ වෙන්නේ නැති නිසා හීම් කාණ්ඩ ඔක්සිජන් අණු සමග හීම් ඛාන්ඩය සදහා කාබන්ඩයොක්සයිඩ් තරග කරන්නේ නැහැ. මේ නිසා කාබන්ඩයොක්සයිඩ් හිමොග්ලොබින් සමග බැඳීම ඔක්සිජන් පරිවහනයට බාධාවක් නෙවෙයි.
රුධිරයේ වැඩිපුරම කාබන්ඩයොක්සයිඩ් පරිවහනය වෙන්නේ බයිකාබනේට් අයන විදිහට. කාබන් ඩයොක්සයිඩ් වලින් 70% විතර මේ විදිහට තමයි පරිවහනය වෙන්නේ. කාබන්ඩයොක්සයිඩ් රතු රුධිරානු තුලට විසරණය වුණාට පස්සෙ කාබොනික් ඇන්හයිඩ්‍රස් එන්සයිමය මගින් කාබන් ඩයොක්සයිඩ් ජලය සමග සම්බන්ධ හා බයිකාබනේට් අයන හා හයිඩ්‍රජන් ධන අයන සෑදීම උත්ප්‍රේරණය කරනවා. බයිකාබනේට් රතු රුධිරානු වලින් පිටතට ඇවිල්ලා ප්ලාස්මාවට ඇතුළු වෙනවා. ප්ලාස්මාව ඔස්සේ බයිකාබනේට් අයන පරිවහනය වෙනවා.
රුධිර සෛල
රුධිර සෛල වර්ග තුනක් තියෙනවා. ඒව තමා තමයි රතු රුධිරාණු, සුදු රුධිරාණු හෙවත් ශ්වේතානු සහ රුධිර පට්ටිකා. රුධිර සෛල ප්‍රධාන වශයෙන් නිපදවන්නේ රතු ඇට මිදුළු තුළ. ප්‍රධාන වශයෙන්ම කශේරුකා, උරෝස්ථිය, ශ්‍රෝනි අස්ථිවල රුධිර සෛල නිපදවනවා.
රුධිරයේ තියෙන සෛල වලින් 99% නමයක් විතර රතු රුධිර සෛල. රතු රුධිර සෛල ද්වි අවතල මණ්ඩලාකාර හැඩැති තුනී සෛල. හැඩය නිසා ඒවායේ කෘතියට වැදගත් වෙනවා. ද්වි අවතල මණ්ඩලාකාර හැඩය වායු හුවමාරුවට තියෙන පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වැඩිකරනවා.
මැද කොටස තුනී වීම නිසා ඉක්මනින් වායුන්ට සෛලයට ඇතුළුවීමට සහ පිටවීමට හැකියාව ලැබිලා තියෙනවා.
පරිණත රතු රුධිරාණුවල න්‍යෂ්ඨිය නැති වීම නිසා වැඩි හිමොග්ලොබින් අණු ගණනක් ගෙන යාමට පුලුවන් වෙලා තියෙනවා.
මයිටකොන්ඩ්‍රියා නැති නිසා ස්වායු ශ්වසනය සිද්ධ වෙන්නේ නැහැ. නිර්වායු ශ්වසනය මගින් තමයි ATP නිපදවන්නේ. මේ නිසා ඔක්සිජන් පරිවහන කාර්යක්ෂමතාව වැඩි වීමට මයිටකොන්ඩ්‍රියා නොමැති වීම වැදගත් වෙනවා.
රතු රුධිරාණු රතු ඇට මිදුළුවල දී නිපදවිලා දින 120 කට විතර පස්සේ අක්මාව හා ප්ලීහාව දී විනාශ වෙනවා. සාමාන්‍යයෙන් රුධිර මයික්‍රොලීටර් එකක රතු රුධිරාණු මිලියන හතරක් හයක් පමණ අඩංගු වෙනවා. සංඛ්‍යාවන් ස්ත්‍රී පුරුෂ භාවය අනුව වෙනස් වෙනවා. රක්තාණු ජනනය වෘක්ක වලින් ශ්‍රාවය වන එරිත්‍රොපොයිටීන් හෝර්මෝනය මඟින් උත්තේජනය කරනවා. ඊට අමතරව රතු රුධිරාණු සංස්ලේෂණයට විටමින් B12 සහ ෆෝලික් අම්ලය වැදගත් වෙනවා
රතු රුධිර රුධිරාණුවල කෘත්‍ය
1. ඔක්සිජන් අණු පරමාණු පරිවහනය
2. කාබන්ඩයොක්සයිඩ් අණු පරිවහනය
සුදු රුධිරාණු
සුදු රුධිරාණු තමයි ප්‍රමාණයෙන් විශාල ම රුධිර සෛල වර්ගය. නමුත් රුධිර සෛල වලින් සුදු රුධිරාණු තියෙන්නෙ 1% විතර ප්‍රමාණයක්. අනිත් රුධිර සෛල වගේ නෙවෙයි මේවායේ න්‍යෂ්ටි තියෙනවා. ඊට අමතරව සමහර සුදු රුධිරාණු වල සෛල ප්ලාස්මයේ කණිකා තියෙනවා. සුදු රුධිරාණු වර්ග පහක් තියෙනවා. ඒව තමයි න්‍යුට්‍රොපෆිල, ඉයොසිනොෆිල, බෙසොෆිල, වසා සෛල සහ මොනොසයිට.
මේවායින් න්‍යුට්‍රොපෆිල, ඉයොසිනොෆිල, බෙසොෆිල වල සෛල ප්ලාස්මයේ කණිකා තියෙනවා. ඒ නිසා මේ සෛල වර්ග තුන කණිකාමය සුදු රුධිරානු කියලා තමයි හඳුන්වන්නෙ. වසා සෛල සහ මොනසයිට වල සෛල ප්ලාස්මයේ කණිකා නැහැ. මේ නිසා මේවා කණිකාමය නොවන සුදු රුධිරාණු කියලා තමයි හඳුන්වන්නෙ.
නියුට්‍රොෆිල
නියුට්‍රොෆිල වල තියෙන්නෙ කනිකාමය සෛල ප්ලාස්මයක්. මේ සෛල ප්ලාස්මයේ ඛණ්ඩිකා වලට බෙදුණු න්‍යෂ්ටියක් තියනවා. මේ සෛල භක්ෂ සෛලකතාවය පෙන්නුම් කරනවා. ආසාදනයකදී ඉතා ඉක්මනින් නියුට්‍රොෆිල ප්‍රමාණය වැඩි වෙනවා. ඊට පස්සේ ආසාදිත ස්ථානයට ඇවිල්ලා බැක්ටීරියා ආදිය භක්ෂ සෛලකතාවය මගින් විනාශ කරනවා. මීට අමතරව මියගිය හා හානි වූ සෛල භක්ෂ සෛලකතාවය මගින් විනාශ කරනවා
ඉයොසිනොෆිල
ඉයොසිනොෆිල වලට ඛණ්ඩිකා වලට බෙදුණු න්‍යෂ්ටියක් සහ කණිකාමය සෛල ප්ලාස්මය සහිතයි. කණිකාවල විෂ සහිත රසායනික ද්‍රව්‍ය සහිතයි. පරපෝෂිත ආසාදන වල දී ඉයොසිනොෆිල සංඛ්‍යාව ඉක්මනින් ඉහල යනවා. ඒ වගේම භක්ෂ සෛලකතාව පෙන්නුම් කරනවා. රසායනික ද්‍රව්‍ය මගින් භක්ෂ සෛලකතාව මගින් විනාශ කළ නොහැකි ජීවීන් විනාශ කරනවා.
බෙසොෆිල
බෙසොෆිලවල ඛණ්ඩිකා දෙකකට බෙදුණු න්‍යෂ්ටියක් සහ කණිකාමය සෛල ප්ලාස්මයක් සහිතයි. කණිකා වල අසාත්මික ප්‍රතික්‍රියා සඳහා හේතුවන හිස්ටමින් සහ හෙපරින් අඩංගු වෙනවා
වසා සෛල
විශාල න්‍යෂ්ටියක් සහිතයි. සෛල ප්ලාස්මය අඩුයි. කණිකා නැහැ. වසා සෛල රුධිරය තුළ සංසරණය වෙනවා. සමහරක් පටක තුලත් දක්නට ලැබෙනවා. උදාහරණ විදියට ප්ලීහාවේ සහ වසා ගැටිතිවල වසා සෛල තියෙනවා. වසා සෛල T සෛල හා B සෛල බවට විකසනය වෙනවා. T වසා සෛල පරිණත වෙන්නේ තයිමස් ග්‍රන්ථිය තුළ. B වසා සෛල ඇට මිදුළු තුළම පරණ වෙනවා. මේ සෛල ආගන්තුක ද්‍රව්‍ය වලට එරෙහිව ප්‍රතිශක්ති ප්‍රතිචාර වැඩ කිරීමට වැදගත් වෙනවා
මොනොසයිට
මොනොසයිට වලට විශාල වකුගඩු හැඩැති න්‍යෂ්ටියක් තියනවා. සෛල ප්ලාස්මයේ කණිකා තියනවා. සුදු රුධිරාණු අතරින් විශාලම වෙන්නේ මොනොසයිට. සෛල ප්ලාස්මයේ කණිකා නැහැ. මේවට පටක වලට ඇතුළු වෙලා මහා භක්ෂාණු බවට පත්වීමේ හැකියාව තියෙනවා. අසාත්මික ප්‍රතික්‍රියා වලදී වැදගත් වෙනවා.
පට්ටිකා
රුධිර පට්ටිකා කියන්නේ රතු ඇට මිදුලු වල නිපදවන සෛල. මේවායේ න්‍යෂ්ටි දක්නට ලැබෙන්නේ නැහැ මේව කණිකා සහිත සෛල ප්ලාස්මය එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ. රුධිරයේ පට්ටිකා වැදගත් වෙන්නේ රුධිර කැටි ගැසීමේ ක්‍රියාවලිය සඳහා.
රුධිරයේ ප්‍රධාන කෘත්‍ය
1. අවයව කරා ඔක්සිජන් පරිවහනය සහ පටක අවයව වලින් කාබන්ඩයොක්සයිඩ් ඉවත් කිරීම්
2. බහිස්‍රාවී අවයව වෙත බහිස්‍රාවී ද්‍රව්‍ය පරිවහනය
3. පෝෂක පරිවහනය
4. හෝමෝන නිපදවන ස්ථානවන ග්‍රන්ථි වල සිට ඉලක්කය අවයව කරා පරිවහනය
5. දේහය ආගන්තුක ආක්‍රමණවලට එරෙහිව ආරක්ෂා කිරීම
6. ආස්‍රැති විධානයට උදව් වීම
රුධිරය කාණ්ඩ කිරීම
රුධිර කාණ්ඩ කිරීමට විවිධාකාරය වර්ගීකරණ තියෙනවා. ඒ අතරින් ප්‍රධාන වෙන්නේ ABO රුධිර ගණ වර්ගීකරණය සහ රීසස් වර්ගීකරණය. රුධිර ඝණ වර්ගීකරණය වැදගත් වෙන්නේ රුධිර පාරවිලයනයේදී
රුධිර ඝණ කාණ්ඩ කිරීම
මෙහිදී රුධිර කාණ්ඩ කිරීම කරලා තියෙන්නේ රතු රුධිර සෛලවල මතුපිට පිහිටන ඇග්ලුටිනෝජන් හෙවත් ප්‍රතිදේහ ජනක වර්ග දෙකක් වන A හා B කියන ප්‍රතිදේහජනක පිහිටීම නොපිහිටීම මත. මීට අමතරව ප්‍රති-A සහ ප්‍රති-B නම් වූ ප්‍රතිදේහය රුධිර ප්ලාස්මාවේ තියෙනවා. නමුත් මෙතෙන්දී විද්‍යාඥයින් හොයාගෙන තියෙන විදිහට පුද්ගලයෙක්ගේ රක්තාණු මතුපිට තියෙන විශේෂ ප්‍රතිදේහ ජනකයට අදාල ප්‍රතිදේහය ප්ලාස්මාවේ පිහිටන්නේ නැහැ. ඒ කියන්නේ යම් පුද්ගලයෙක්ගේ ප්‍රතිදේහ ජනකය A රතු රුධිරානු මත පිහිටනවනම් ප්‍රති-A ප්‍රතිදේහ දක්නට ලැබෙන්නේ නැහැ. නිතරම පිහිටන්න නිතරම පිහිටනවා පිහිටන්නේ ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතිදේහය. ඒ කියන්නේ ප්‍රති-B ප්‍රතිදේහය.
ABO රුධිර ඝණ වර්ගීකරණය කිරීමේදී ප්‍රධාන රුධිර කාණ්ඩ හතරක් දැක ගන්න පුළුවන්. ඒව තමයි ඒ A,B, AB සහ O.
ඒ ප්‍රතිදේහ ජනක රතු රුධිරාණු මත තියෙන පුද්ගලයින් A රුධිර ගනයට වැටෙනවා. මෙවැනි පුද්ගලයන්ගේ රුධිරයේ ප්‍රති-B ප්‍රතිදේහය එහෙම නැත්නම් b ප්‍රතිදේහය තියෙනවා.
B ප්‍රතිදේහජනක රතු රුධිරාණු මත තියෙන පුද්ගලයන්ගේ B රුධිර ගණයට ගැනෙනවා. මෙවැනි පුද්ගලයන්ගේ රුධිරයේ ප්‍රති-A ප්‍රතිදේහය එම නැත්තම් a ප්‍රතිදේහ තියෙනවා
A ප්‍රතිදේහජනක සහ B ප්‍රතිදේහජනක කියන දෙකම රතු රුධිරාණු මත තියෙන පුද්ගලයින් AB රුධිර ගනයට තමයි අයිති වෙන්නේ. මොවුන්ගේ රුධිර ප්ලාස්මයේ ප්‍රතිදේහ පිහිටන්නේ නැහැ.
A ප්‍රතිදේහජනක සහ B ප්‍රතිදේහජනක රතු රුධිරාණු මත නැති පුද්ගලයින් O රුධිර ගනයට වැටෙනවා. ඔවුන්ගේ රුධිර ප්ලාස්මයේ ප්‍රති-A හා ප්‍රති-B ප්‍රතිදේහ දෙවර්ගයම දක්නට ලැබෙනවා
රීසස් පද්ධතිය
සමහර මූ පුද්ගලයින්ගේ රතු රුධිරාණු මත A හා B කියන ප්‍රතිදේහජනක වලට අමතරව Rh නම් ප්‍රතිදේහජනකය දක්නට ලැබෙනවා. මේ ප්‍රතිදේහජනය දක්නට ලැබෙන පුද්ගලයන් Rh ධන ලෙසත්, දක්නට නොලැබෙන පුද්ගලයන් Rh ඍණ ලෙසත් වර්ග කරනවා. මේ වර්ගීකරණයට තුළත් රුධිර ප්ලාස්මයේ ප්‍රති Rh ප්‍රතිදේහය නමින් ප්‍රතිදේහයක් ඇතිවෙනවා. Rh ධන පුද්ගලයන්ගේ ප්ලාස්මාවේ ප්‍රතිදේහය නැහැ. නමුත් Rh ඍණ පුද්ගලයන්ගේ ප්ලාස්මාවේ ප්‍රතිදේහය ඇතිවෙන්න පුළුවන්. Rh ධන රුධිරය යම් හේතුවක් නිසා නමුත් Rh ඍණ පුද්ගලයන්ගේ ප්ලාස්මාවට ඇතුලු වුනොත් ඒ පුද්ගලයා තුළ ප්‍රති Rh ප්‍රතිදේහය ඇතිවෙලා ප්‍රතිචාර දක්වනවා.
Rh සාධකය ගැබ් ගැනීම් වලදී බලපාන අයුරු
Rh- මවක් Rh+ දරුවකු දැරුවොත් දරු ප්‍රසූතියේ දී Rh+ රුධිරය Rh- මවගේ රුධිරයට ඇතුළු වීමට හැකියාවක් තියෙනවා. එවිට එම මවගේ රුධිරය තුළ ප්‍රති Rh ප්‍රතිදේහ නිපදවනවා. දෙවැනි ගැබ් ගැනීමේදීත් Rh+ කලලයක් පිහිටියහොත් පළමු දරුවා නිසා මවගේ රුධිර ප්ලාස්මයේ විකසනය වූ ප්‍රති Rh ප්‍රතිදේහය කලල බන්ධය හරහා බෲනයට ගමන් කරල බෲනයේ රක්තානු විනාශ කරනවා.
සාමාන්‍යයෙන් මුලින් තැනෙන ප්‍රති Rh ප්‍රතිදේහ ප්‍රථම දරුවාට හානි වන තරමට මවගේ රුධිර ප්ලාස්මයේ නො සැදුනත් පසුව ඇතිවන කලලවල රක්තාණු විනාශ වීම සිද්ධ වෙන්න පුළුවන්. මේ නිසා දරුවා තුළ රක්තහීනතාවය තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්. මේ සිදුවීම වළක්වා ගැනීමට Rh- මවක් Rh+ දරුවකු දරුවෙක් ප්‍රසූත කරලා යම් කාලයකට පසු ගොඩනැගෙන ප්‍රති Rh විනාශ කිරීමට විශේෂ එන්නතක් ලබාදීම සිද්ධ කරනවා
රුධිර පාරවිලනය
එක් පුද්ගලයෙකුගෙන්ලබාග ගත් රුධිරය කැටි ගැසීමකින් තොරව තවත් පූ පුද්ගලයෙකුට ලබාදීම රුධිර පාරවිලයනය ලෙස හඳුන්වනවා. මෙහිදී රුධිරය පරිත්‍යාග කරන පුද්ගලයා දායකයා ලෙසත් රුධිරය ලබා ගන්නා පුද්ගලයා ප්‍රතිග්‍රාහකයා ලෙසත් හැඳින්වෙනවා
රුධිර පාරවිලනයේදී ප්‍රති ප්‍රතිග්‍රාහකයාට ගැලපෙන රුධිරය සහිත දායකයාගේ රුධිරයම ලබාදිය යුතුයි. නිතරම ප්‍රතිග්‍රාහකයාගේ රුධිරයේ නොමැති ප්‍රතිදේහ ජනක සහිත රුධිරය ඔහුට ලබා නොදීමට වගබලා ගත යුතුයි. එසේ වුවහොත් දායකයාගේ ඇති ප්‍රතිදේහ ජනක ප්‍රතිග්‍රාහකයාගේ රුධිර ප්ලාස්මය ඇති ප්‍රතිදේහ සමග ප්‍රතික්‍රියා කර කැටි ගැසීම සිදු වෙනවා. මේ නිසා පාරවිලයනයේදී දායකයාගේ සහ ප්‍රතිග්‍රාහකයාගේ රුධිර ඝන දැන ගැනීම වැදගත් වෙනවා. රුධිර පාරවිලයසට පෙර දායක රුධිරය සහ ප්‍රතිග්‍රාහක රුධිරය අතර ප්‍රතික්‍රියා නැති බවට සනාථ කර ගත යුතුයි. රුධිර ඝන හරස් කැපීම සිදු කල යුතුයි.
AB රුධිරය සහිත පුද්ගලයෙකු තුළ ප්‍රතිදේහ නැති නිසා ඕනෑම ප්‍රතිදේහ ජනකයක් සහිත රුධිරය ඔවුන්ට පාරවිලයනය කළ හැකියි. ඒකට හේතුව වෙන්නේ ප්‍රතිදේහජනක ප්‍රතික්‍රියා කරන්න ප්‍රතිදේහ ඔවුන්ගේ රුධිර ප්ලාස්මයේ නොමැතිවීම. මේ නිසා AB රුධිර ඝනය සහිත පුද්ගලයන් සර්ව ප්‍රතිග්‍රාහකයා හඳුන්වනවා.
O රුධිරය සහිත පුද්ගලයන්ගේ කිසිම ප්‍රතිදේහ ජනකයක් නැහැ. නමුත් ප්‍රති-A සහ ප්‍රති-B ප්‍රතිදේහ දෙකම තියෙනවා. ප්‍රතිදේහජනක නොමැති නිසා ඕනෑම ප්‍රතිදේහයක් ඇති රුධිරය සහිත ප්‍රතිග්‍රාහකයන්ට රුධිරය දායක කළ හැකියි. මේ නිසා O රුධිරය සහිත පුද්ගලයන් සර්ව දායකයා ලෙස හඳුන්වනවා.
නමුත් ප්‍රති-A සහ ප්‍රති-B ප්‍රතිදේහ ඇති නිසා ඕනෑම O පුද්ගලයෙකුට ප්‍රතිග්‍රහණය කල හැක්කේ O ගනයේ පුද්ගලයෙකුගේ රුධිරයේ පමණයි.
මීට අමතරව Rh සාධකයත් රුධිර පාර පාරවිලයන දී සලකා බැලිය යුතු වෙනවා. Rh+ පුද් පුද්ගලයෙක්ගේ රතු රුධිර සෛල මත රීසස් සාධකය ඇති නිසා Rh+ සහ Rh- රුධිරය පාරවිලයනය කළ ද ගැටළුවක් මතු නොවේ. මන්ද නව ප්‍රතිදේහජනක හඳුන්වා නොදෙන බැවිනි. ප්‍රතිදේහ නිපදවන්නේ නැත. නමුත් Rh- පුද්ගලයෙකුට Rh+ රුධිරය පාරවිලයනය කළහොත් ප්‍රති රීසස් ප්‍රතිදේහ මුල් අවස්ථාවේදී ඇතිවේ. එහිදී ගැටළුවක් මතු නොවේ. නමුත් නැවත ආර්ය ධනය පාරවිලයනය කළ හොත් මෙම ප්‍රතිදේහ මගින් රතු රුධිරාණු විනාශ වීමක් සිදුවේ. මේ නිසා Rh- පුද්ගලයෙකුට පාරවිලයන කළ හැක්කේ Rh- රුධිරය පමණි.
රුධිරය කැටි ගැසීම
සාමාන්‍යයෙන් පටකයකට හානියක් උනාට පස්සේ එයින් ගලන රුධිරය මගින් රුධිර කැටියක් හැදිලා දේහ තරලය හානි වීම සහ ව්‍යධි ජනක ශුද්ධ ජීවීන් ඇතුළු වීම වළක්වනවා.
රුධිර කැටි කාරක සාධක
1. පට්ටිකා
2. හානි වූ සෛල
3. ප්ලාස්මාව ( කැල්සියම් විටමින් K ආදී සාධක )
සාමාන්‍යයෙන් හානියට පත් නො වූ රුධිර වාහිනී තුල රුධිර කැටි ගැසීම වළක්වන සංකීර්ණ ප්‍රතික්‍රියා ශ්‍රේණියක් තියෙනවා. රුධිර වාහිනියක් හානි උනාට පස්සේ වාහිනියෙ බිත්තියේ තියෙන පටක නිරාවරණය වෙනවා. මේ විද් විදිහට නිරාවරණය වුනාම පටකය සම්බන්ධක පටකවල තියෙන කොලජන් තන්තු වල රුධිරයේ තියෙන රුධිර පට්ටිකා ඇවිල්ල ඇලෙනවා. ඊට පස්සේ පට්ටිකා ඇලිලා පිණ්ඩයක් ලෙස සකස් වෙනව. මේ විදිහට ඇලෙන්නේ පට්ටිකා වලින් ශ්‍රාවය වන ශ්‍රාවයන් හේතු වෙනවා. ඊට පස්සේ රුධිර පට්ටිකා කැටි කාරක සාධක නිදහස් කරනවා. මේ සාධක නිසා රුධිර ප්ලාස්මාව තුල තියන ප්‍රෝත්‍රොම්බින් ත්‍රොම්බින් බවට පත්වෙනවා. මේ ත්‍රොම්බින් ඊට පස්සේ රුධිර ප්ලාස්මය තුල තියෙන ෆයිබ්‍රිනෝජන් මත ක්‍රියාකරල ෆයිබ්‍රිනෝජන් ෆයිබ්‍රින් බවට පත් කරනවා. මේ ෆයිබ්‍රින් කෙදි එකතු වෙලා කැටියේ ජාලය හදනවා. සක්‍රීය වුනු ත්‍රොම්බින් තව තවත් ත්‍රොම්බින් සෑදීමෙන් රුධිර කැටිය සෑදීම සම්පූර්ණ කරනවා.
හානි නොවූ රුධිරය කැටි නොගැසී පවතින ආකාරය
රුධිර නාළවලලවල ආස්තරණය ඉතාමත් සින්දුයි. මේ නිසා රුධිර පට්ටිකා හානි නොවූ නිරෝගී රුධිර වාහිනීවල බිත්ති මත ඇලීම වැළකෙනවා. මේ මගින් පට්ටිකා සමූහනය වැළකෙනවා. ඊට අමතරව පට්ටිකාවලට පුපුරා යාමට අවස්ථාවක් මේ නිසා ලැබෙන්නේ නැහැ. ඊට අමතරව රුධිරයේ තියෙනවා හෙපරින් වැනි රුධිර ප්‍රතිකාරක. මේ හෙපරින් මගින් ප්‍රෝත්‍රොම්බින් ත්‍රොම්බින් බවට පරිවර්තනය වීම වැළැක්වීම මගින් ෆයිබ්‍රිනෝජන් ෆයිබ්‍රින් බවට පත්වීම වළක්වනවා. හෙපරින් ප්‍රතිකැටිකාරකයක් විදියට වෛද්‍ය ප්‍රතිකාර වල දී බහුලව භාවිතා කරනවා. මේ මගින් රුධිරය කැටි නොගැසී පවත්වා ගන්නවා.
Blood in Sinhala - රුධිරය ගැන හැමදේම - Sinhala Biology Facebook - https://www.facebook.com/Allinonetarget Subscribe me - https://www.youtube.com/channel/UCvO6t_ala8hishcP4LzeWww twitter - https://twitter.com/AllInOne0505 Telegram - https://t.me/allinonelkt උසස් පෙළ ජීව විද්‍යාව හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන්
#AllInOneLK#Circulatory_system#Blood
biology sinhala,al biology lessons,all in one lk,a/l biology,a/l biology lessons in sinhala,biology sinhala lessons a/l,al biology sinhala lessons,biology sinhala lessons,sinhala biology,advanced level biology sinhala,biology lessons in sinhala,biology revision sinhala,biology lessons sinhala,Sinhala biology class, biology sinhala readings
Thank you very much
ReplyDelete💚💚Thanks a lot!!💚💚
ReplyDeleteIm ab- blood
ReplyDeletePost a Comment