Breaking News

ජලය



අකාබනික අණුවකි.
කුඩා, ධ්‍රැවීය සහ කෝණික අණුවකි

ජලය ජීවය පැවැත්මට වැදගත් වන්නේ හේතු 2ක් නිසාය
1. ජීවී ෙසෙලවල වැදගත් සංඝටකයක් වීම
2. සියලූ ජීවීන්ට ජෛව විද්‍යාත්මක මාධ්‍යයක් සැපයීම




ජල අණු අතර ඇති හයිඩ්‍රජන් බන්ධන නිසා ජලයේ ගුණ ඇති වේ
ජලයේ භෞතික ගුණ

පෘථීවිය මත ජීවය පවත්වාගෙන යෑමට අවශ්‍ය ජලයේ ගුණ 4 කි

1. සංසක්ති හැසිරීම


හයිඩ්‍රජන් බන්ධන නිසා ජල අණු අතර ඇති ආකර්ෂණයයි

ජල අණු වෙනත් ද්‍රව්‍ය සමග ඇතිවන ආකර්ෂණ ආසක්තියයි

සංසක්තිය හා ආසක්තිය නිසා ජලය පරිවහන මාධ්‍යයක් ලෙස ක්‍රියා කරයි
උදා- ජලය හා ජලයේ දිය වූ ද්‍රව්‍ය ශෛලම තුළින් ගුරුත්වයට එරෙහිව අඛණ්ඩ කදක් ලෙස පරිවහනය

සංසක්තිය නිසා ජලයට ඉහළ පෘෂ්ඨික ආතතියක් ඇත. මේ නිසා කුඩා කෘමීන්ට පොකුණක ජල පෘෂ්ඨය මත ඇවිදීමට හැකිය ( දිය ලිස්සන්නා )

2. උෂ්ණත්වය මධ්‍යස්ථ කිරීමට ඇති හැකියාව


ජලයේ අධික විශිෂ්ට තාපය 

පෘථීවිය මත උෂ්ණත්වය උච්චාවචනය වන විට ජීවී පද්ධති හා ජල ස්කන්ධ තුළ ජලය තාප ස්වාරක්ෂකයක් ලෙස ක්‍රියාකරයි

ජලයේ අධික වාෂ්පීකරණ තාපය 

ජීවියෙකු තුළ අවම ජල හානියක් සිදු කරමින් වැඩි තාප ශක්තියක් නිදහස් කිරීමට  
මෙය ජීවීන්ගේ දේහ පෘෂ්ඨ සිසිල් කර ගැනීමට උදව් වේ

  • මිනිසා- 
සමෙන් ස්වේදය වාෂ්ප වීම-දේහ උෂ්ණත්වය නියතව පවත්වාගැනීමට
  • ශාක උත්ස්වේදනය
ශාක දේහ පෘෂ්ඨය සිසිල් ලෙස තබා ගැනීමට
සූර්යාලෝකය නිසා අධිකව උණුසුම් වීම වළක්වයි

3. හිමායනයේ දී සිදු වන ප්‍රසාරණය

ජලයේ උෂ්ණත්වය 4 oC ට වඩා අඩුවන විට හිමායනය වීම ආරම්භ වී ස්ඵටික දැලිසක් සාදයි (අයිස්)

ජලයට 4 oC දී උපරිම ඝනත්වයක් ඇත

එමනිසා අයිස් ජල පෘෂ්ඨ මත පාවේ

මෙය ධ්‍රැව ප්‍රදේශවල ජලය තුළ සිටින ජීවීන්ට ශීත සෘතුවේ දී නොනැසී පැවැත්මට වැදගත් වේ

4. ද්‍රාවකයක් ලෙස ඇති සර්වනිපුණත්වය

ජලයේ ධ්‍රැවීයතාව නිසා ජලයට ලැබී ඇති ගුණයකි

ජලයේ දියවන ධ්‍රැවීය අණු - ග්ලුකොස්

ජලයේ දියවන අයනික සංයෝග - සෝඩියම් ක්ලෝරයිඩ්

ජලයේ දියවන ධ්‍රැවීය හා අයනික ප්‍රදේශ 2ම සහිත සංයෝග - ලයිසොසයිම්

Follow me on social media Subscribe to me - https://www.youtube.com/channel/UCvO6t_ala8hishcP4LzeWww Facebook - https://www.facebook.com/Allinonetarget Twitter - https://twitter.com/AllInOne0505 Instagram - https://www.instagram.com/allinonelk Telegram - https://t.me/allinonelkt #al_Biology_sinhala#Definitions#all_in_one_lk biology sinhala,al biology lessons,all in one lk,a/l biology,a/l biology lessons in sinhala,biology sinhala lessons a/l,al biology sinhala lessons,biology sinhala lessons,sinhala biology,advanced level biology sinhala,biology lessons in sinhala,biology revision sinhala,biology lessons sinhala,Sinhala biology class, biology sinhala readings

Post a Comment

Previous Post Next Post