Breaking News


පෝෂණය අර්ථ දැක්වීම්
Video එක බලල Short note එක බලන්න👇


Short note එක බලන්න👇👇👇

සත්ව පෝෂණය

  • දේහයේ විවිධ කෘත්‍ය සඳහා භාවිතා වන ආහාර ලබා ගැනීමේ ක්‍රියාවලිය

විෂමපෝෂී පෝෂණ ක්‍රියාවලිය

  • අනෙකුත් ජීවීන්ගෙන් අධි ග්‍රහණයෙන් හෝ අනෙකුත් ජීවීන්ගෙන් ව්‍යුත්පන්න වූ ද්‍රව්‍ය මඟින් කාබනික ආහාර අණු ලබා ගැනීම

සත්ව සදෘශ පෝෂණය

  • ආහාර මාර්ගයට ආහාර අධිග්‍රහණය කිරීමේ පෝෂණ ආකාර

අධිග්‍රහණය

  • ආහාර ප්‍රභවය ආහාර මාර්ගය තුලට ඇතුල් කර ගැනීම
ජීර්ණය
  • ප්ලාස්ම පටලය හරහා ජීවීන්ගේ ෙසෙල තුළට ඇතුළු වීමට තරම් ප්‍රමාණවත් කුඩා ආකාරයට ආහාර බිඳ දැමීම

අවශෝෂණය

  • සත්ත්වයන්ගේ ෙසෙල මගින් ජීරණය වූ කුඩා අණු ලබා  ගැනීම

ස්වීකරණය

  • ශරීරයේ විවිධ කෘත්‍ය සඳහා අවශ්‍ය අවශෝෂණය කරන ලද පෝෂක ප්‍රයෝජ්‍ය කරණය කිරීමේ ක්‍රියාවලිය

පහ කිරීම

  • ජීර්ණය නොකරන ලද ද්‍රව්‍ය ආහාර මාර්ගයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය

පෙරා බුදින්නෝ

  • උගුල් වැනි විවිධ යාන්ත්‍රණ යොදාගෙන අවට ඇති ජලය මාධ්‍යයෙන් අවල්ම්බිත ආහාර අංශු පෙරාගන්නා ජීවීන්
තරල බුදින්නෝ
  • ජීවී ධාරකයාගේ පෝෂක වලින් සරු තරලය හොඳින් අනුවර්ති මුඛ කොටස් භාවිතා කරමින් උරා ගන්නා ජීවීන්
උපස්තර බුදින්නෝ
  • අහාර ප්‍රභවය මත හෝ ආහාර ප්‍රභවය තුළ සිටිමින් ආහාර අනුභව කරන සතුන්

තොග බුදින්නෝ

  • සාපේක්ෂව විශාල ආහාර කොටස් අනුභව කරන සතුන්

සහජීවනය

  • එකිනෙකාට සමීපව ජීවත් වන විශේෂ දෙකකට අයත් ජීවීන් අතර ඇති පාරිසරික සම්බන්ධතාවය

අනෙේ‍යා්නයාධාරය

  • වෙනස් විශේෂ දෙකක ජීවින් දෙදෙනෙකු අතර සාමාජිකයින් දෙදෙනාටම වාසි සැලසෙන පරිදි ඇති සමීප සම්බන්ධතාවය

පරපෝෂීතාවය

  • වෙනස් විශේෂ දෙකක ජීවින් දෙදෙනෙකු අතර එක් ජීවියකුට වාසි සැලසෙන අතර අනෙක් ජීවියාට හානි සිදුවන ආකාරයේ සමීප සම්බන්ධතාවය

සහභෝජිත්වය

  • විවිධ විශේෂ වල ජීවින් දෙදෙනෙකු අතර එක් ජීවියකුට වාසි සැලසෙන අතර අනෙක් ජීවියාට බලපෑමක් සිදු නොවන පරිදි ඇති සමීප සම්බන්ධතාවය

සමබල / තුලිත ආහාරය

  • සෞඛ්‍ය සඳහා අත්‍යවශ්‍යය සියලූ පෝෂක යෝග්‍ය  අනුපාතයෙන් අඩංගු ආහාර

විටමින

  • සාමාන්‍ය සෞඛ්‍යයය පවත්වා ගැනීමට සහ පරිවෘත්තීය පවත්වා ගැනීමට ඉතා කුඩා ප්‍රමාණ වලින් අවශ්‍ය කාබනික සංයෝග  ප්‍රමාණ වලින් අවශ්‍ය කාබනික සංයෝග

ඛනිජ

  • සාමාන්‍ය දේහ සෞඛ්‍යයට සහ බොහෝ දේහ කෘත්‍යයන්ට වැදගත් වන අකාබනික ද්‍රව්‍

තන්තු

  • ආහාරයේ ඇති ජීර්ණය කළ නො හැකි පිිෂ්ටමය නොවන පොලිසැකරයිඩ ආහාරමය තන්තු ලෙස  සෑදී ඇත

අත්‍යවශ්‍ය පෝෂක

  • සරල පූර්වග අණුව වලින් ශරීරය තුළ නිපදවිය නොහැකි ආහාර මඟින් ම ලබා ගත යුතු ද්‍රව්‍ය

අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල

  • සරල කාබනික පූර්වග අණු වලින් ශරීරය තුළ සංස්කරණය කළ නොහැකි ආහාරය මඟින්ම ම ලබා ගත යුතු වන ඇමයිනෝ අම්ල

අත්‍යවශ්‍ය මේද අම්ල

  • කාබනික පූර්වක  වලින් ශරීරය තුළ සංස්ලේෂණය කළ නොහැකි නිසා ආහාරය මඟින් ලබාගත යුතුම වූ මේද අම්ල

මූලික පරිවෘත්තීය වේගය

  • ආතතියක් නොමැති විටදී පශ්චාත් අවශෝෂණ අවධියේදී විවේකයෙන් සිටින විටදී අවම පරිවෘත්තීය වේගය

ශක්ති අයවැය

  • කිසි යම් සත්වයෙකුගේ ශක්තිය වැය කිරීමට එරෙහිව ශක්තිය ලබා ගැනීමේ ශේෂ පත්‍රය
දුෂ්පෝෂණය
  • ආහාරය තුළ අත්‍යවශ්‍ය පෝෂක එකක් හෝ කිහිපයක් අඩු වූ විට හෝ දේහයට අවශ්‍යය රසායනික ශක්තියට වඩා අඩු රසායනික ශක්ති ප්‍රමාණයක් දිගින් දිගටම ආහාරයෙන් ලැබීම හේතුවෙන් ප්‍රමාණවත් පෝෂණයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් ඇති වන තත්ත්වය

ස්ථුලතාව

  • පුද්ගලයෙකු ලබාගත් ශක්ති ප්‍රමාණයට වඩා වැය කරන ශක්ති ප්‍රමාණය ඉතා අඩු වීම හේතුවෙන් ඇතිවන තත්ත්වය

ගැස්ට්‍රයිටිස්

  • විවිධ හේතු ගණනාවක් නිසා ආමාශයේ ඇතිවන ප්‍රදාහය නිසා ඇතිවන තත්වය

මල බද්ධය

  • ම ළ ද්‍රව්‍ය සෙමින් ගමන් කිරීම හේතුවෙන්  ජලය නැවත අවශෝෂණය දිරිමත් වීම නිසා ඒවා වඩාත් ඝන බවට පත් වීම හේතුවෙන් ඇතිවන තත්ත්වය

Follow me on social media Subscribe to me - https://www.youtube.com/channel/UCvO6t_ala8hishcP4LzeWww Facebook - https://www.facebook.com/Allinonetarget Twitter - https://twitter.com/AllInOne0505 Instagram - https://www.instagram.com/allinonelk Telegram - https://t.me/allinonelkt #al_Biology_sinhala#Definitions#all_in_one_lk biology sinhala,al biology lessons,all in one lk,a/l biology,a/l biology lessons in sinhala,biology sinhala lessons a/l,al biology sinhala lessons,biology sinhala lessons,sinhala biology,advanced level biology sinhala,biology lessons in sinhala,biology revision sinhala,biology lessons sinhala,Sinhala biology class, biology sinhala readings

Post a Comment

Previous Post Next Post