Breaking News

 



Video එක බලල Short note එක බලන්න👇👇👇

https://youtu.be/SLNLz2wV3wA


Short note එක බලන්න👇👇👇

ශාකවල පෝෂණ ක්‍රියාවලිය - Plant nutrition

පෝෂණය

ජීවියෙකුගේ පරිවෘත්තීය ක්‍රියා සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හා ශක්තිය පරිසරයෙන් ලබා ගන්නා ක්‍රියාවලිය පෝෂණය ලෙස හඳුන්වයි 

Photo by Anna Pelzer on Unsplash


ශාක පෝෂණ ආකාර

ස්වයංපෝෂී පෝෂණ ක්‍රමය

කාබන්ඩයොක්සයිඩ් සහ අකාබනික ද්‍රව්‍ය මඟින් කාබනික ආහාර සංස්ලේෂණය කිරීම ස්වයං පෝෂණය ලෙස හැඳින්වේ

සහජීවනය

විශේෂ දෙකකට අයත් ජීවීන් දෙදෙනෙකු සමීපව ජීවත් වෙමින් පවත්වා ගන්නා ගන්නා පාරිසරික සම්බන්ධතාවය සහජීවනය ලෙස හඳුන්වයි



අන්‍යෝන්‍යාධාරය

ජීවින් දෙදෙනාටම වාසි සැලසෙන සහජීවී සම්බන්ධතාවය අන්‍යෝන්‍යාධාරය ලෙස හඳුන්වයි

සහභෝජීතාව

එක් ජීවීන් විශේෂයකට පමණක් වාසි  සැලසෙන අතර අනෙක් ජීවී විශේෂයට බලපෑමක් ඇති නොවන ලෙස ජීවී විශේෂ දෙකක් අතර  පවතින ස්වාධීන අන්තර් ක්‍රියාව සහභෝජීතාව ලෙස හඳුන්වයි

පරපෝෂීතාවය 

එක් ජීවි විශේෂයකට පමණක් වාසි සැලසෙන ලෙසත් අනෙක් ජීවියාට හානි සිදුවන ලෙසත් වෙනස් ජීවී විශේෂ දෙකක් අතර පවතින සමීප සම්බන්ධතාවයයි


මාංශ භක්ෂක ශාක

නයිට්‍රජන් සහ ඛනිජ වර්ග ඌන පස්වල වර්ධනය වන බැවින් එම පෝෂක ලබා ගැනීමට කෘමීන් සහ වෙනත් කුඩා සතුන් මරණයට පත්කර ජීර්ණයට ලක් කර ජීර්ණ ඵල ලෙස එම ද්‍රව්‍ය ලබා ගන්නා ප්‍රභාසංස්ලේෂක ශාක මාංශභක්ෂක ශාක ලෙස හඳුන්වයි


අත්‍යවශ්‍ය මුලද්‍රව්‍ය

ශාක වල ජීවන චක්‍ර සම්පූර්ණ කර ගැනීමටත් තවත් පරම්පරාවක් නිපදවීමටත්    අවශ්‍ය මූලද්‍රව්‍ය අත්‍යාවශ්‍ය ලෙස හඳුන්වයි

අධිමාත්‍ර මුලද්‍රව්‍ය

ශාක වලට විශාල ප්‍රමාණවලින් වලින් අවශ්‍ය වන මූලද්‍රව්‍ය අධිමාත්‍ර මූලද්‍රව්‍ය ලෙස හඳුන්වයි

අංශුමාත්‍ර මුලද්‍රව්‍යය

ශාක වලට ඉතා සුළු ප්‍රමාණවලින් අවශ්‍යවන මූලද්‍රව්‍ය අංශුමාත්‍ර මූලද්‍රව්‍ය ලෙස හඳුන්වයි


Plant nutrition definitions | ශාකය | Definitions | අර්ත දැක්වීම් ඔක්කොම එකට Facebook - https://www.facebook.com/Allinonetarget Subscribe me - https://www.youtube.com/channel/UCvO6t_ala8hishcP4LzeWww twitter - https://twitter.com/AllInOne0505 Telegram - https://t.me/allinonelkt උසස් පෙළ ජීව විද්‍යාව හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන්
#AllInOneLK#Plant_Nutrition#Definitions
a/l biology lessons in sinhala, all in one lk, biology sinhala lessons a/l, biology short notes sinhala, biology sinhala readings

Post a Comment

Previous Post Next Post